රන් පදක්කම් 14 ක් දිනු සවි ඔසවන්නෝ දිවයිනට

526

තුර්කියේ ඉස්තාම්බුල් නුවර මෙම මස 22 සිට 30 දක්වා පැවති ආසියානු සවි එසවීම් ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනූ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිස පෙරේදා (30 දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මොවුන් මෙම තරගාවලියේ දී රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි. සවි එසවීම් කණ්ඩායමේ නායක රන්සිළු ජයතිලක මෙසේ මාධ්‍ය වෙත සිය අදහස් දැක්වීය.

අලූත් නීති ගොඩක් හඳුන්වා දී තිබූ අතර, දැඩි තරගකාරී පසුබිමක මෙම ජයග‍්‍රහණ ලබා ගැනීමට අපට හැකි වුණා.

රන් පදක්කම් 14 ක් දිනු  සවි ඔසවන්නෝ දිවයිනට

මෙම තරගාවලිය සඳහා අපේ පෞද්ගලික මුදල් එකතු කරල, රුපියල් ලක්ෂ 05 ක් විතර හොයාගෙන තමයි අපි ගියේ. අද 12/30 තමයි සමාප්ති උත්සවය තියෙන්නෙ. අපි ඒකට සහභාගී නොවී ආවා.

එහෙත් ඉදිරියේදී අපි ශ‍්‍රී ලංකා රජයේ, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සහ සවි එසවීම් ක‍්‍රීඩා සම්මේලනයේ සහය බලාපොරොත්තු වන බවද පැවසීය.

කිලෝ ග‍්‍රෑම් 47 බර පංතිය යටතේ මෙම තරගාවලියේ දී තරග කළ ෂෙනුකි දිශල්‍යා එම කාණ්ඩය යටතේ පැවති තරග ඉසව් හතරටම සහභාගී වී, එම ඉසව්වලින් රන් පදක්කම් 04 ම දිනා ගැනීමට සමත් වී සිටියාය. කටුනායක ගුවන් තොටුපළේ දී අදහස් දැක්වූ ෂෙනුකි දිශල්‍යා මෙසේ පැවසුවාය. මේ මගේ පළමු තරග සංචාරය. එහිදී මම තරග කළ ඉසව් 04 න්ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

ඒ වගේම පසුගියදා නිමාවට පත් වූ ශ‍්‍රී ලංකා සවි එසවීම් තරග වාර්තා අලූත් කිරීමටත් මට හැකි වුණා.

මගේ ඊළඟ බලාපොරොත්තුව ලෝක ශූරතා සවි එසවීම් තරගාවලියට සහභාගී වී එයින් ද රන් පදක්කම් දිනා ගැනීම බව ද ෂෙනුකි දිශල්‍යා පැවසීය.

මෙම ක‍්‍රීඩකයන් පිරිස 12/30 දින සවස 03.25 ට තුර්කියේ ඉස්තාම්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර, මොවුන් පිළිගැනීම සඳහා ෂෙනුකි දිශල්‍යාගේ මව ක‍්‍රිශාන්තිනි දේවිකා සහ ඇයගේ පියා සංජීව සිල්වා යන අයද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආලින්දය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment