එළවළු ලොරියක් හා කුකුල් පොහොර ලොරියක් ගැටී පස් දෙනෙකුට බරපතළයි

123

මුන්දලම පොලිස් වසමට අයත් මංගලඑළිය ප‍්‍රදේශයේදී 17 දින සවස සිදු වූ අනතුරකින් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලිසිය පවසයි.

එළවළු ප‍්‍රවාහනය කරමින් තිබු ශීතාගාර සහිත ලොරි රථයක් හා කුකුළු පොහොර ප‍්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ.

නොරොච්චෝලේ සිට කොළඹ ප‍්‍රදේශයේ සුපිරි වෙළෙ`දසල් වෙත එළවළු ප‍්‍රවාහනය කරමින් තිබූ ශීතාගාර සහිත ලොරියක් හා නවඩන්කුලම සිට නොරෝච්චෝල ප‍්‍රදේශයට කුකුළු පොහොර රැුගෙන යමින් තිබූ ලොරි රථ දෙකක් මෙසේ අනතුරට ලක්ව ඇත.

අනතුරින් ලොරි රථ දෙකෙහි රියදුරුන් හා සහයකයින්ට බරපතළ තුවාල සිදුව තිබු බව මුන්දලම පොලිසියේ රථවාහන අංශ නිලධාරිහු පවසති.

ප‍්‍රදේශවාසීන් එක්ව කඩිනමින් තුවාලකරුවන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

අනතුරින් ලොරි රථ දෙකට දැඩි හානි සිදු වී ඇත. මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විමර්ශන කටයුතු සිදු කරයි.

අමරනන්ද විජේසේකර-මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment