ජනපති ඇතුළු මැති ඇමැතිවරුන්ගේ බොරු කතාවලින් ජාත්‍යන්තරයේ බොහෝ රටවල් අප සමග තරහවෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

53

වත්මන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළ දුර්වල බවත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැති මණ්ඩලය රට සවාරි ගොස් එක් එක් රටවලට නොගැළපෙන බොරු කතා කියා රටවල් බහුතරයක් අප සමඟ තරහ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය තුළත් තම නායකත්වය රැක ගැනීමට බොරු කියා එකිනෙකා කෙටවීම නිසා පක්ෂය බිංදුවටම වැටුණ බවත්, එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බවත් ලෝකය වටේ එක එක දේවල් කිය කියා ගොස් සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (26 දා) සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 39 වැනි අදියර යටතේ අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

වත්මන් රජය චීන නැව සම්බන්ධයෙන් පවා විවිධ කතා කියා ඇති බවත්, ඉන්දියාවට එන්න නොදෙන බව පවසා චීනයට එන්න කියන බවත්, මොහොතින් මොහොත වෙනස් වෙන කතා කියන නිසා රටට වැදගත් වන ජාත්‍යන්තරයේ බොහෝ රටවල් අප සමඟ තරහ වී ඇති බවත් රාජ්‍ය පාලනයක් හෝ විදේශ ප්‍රතිපත්තියක් මෙසේ ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජනපති ඇතුළු මැති ඇමැතිවරුන්ගේ බොරු කතාවලින් ජාත්‍යන්තරයේ බොහෝ රටවල් අප සමග තරහවෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

යූඇන්පීයට බොරු කළාක් මෙන් ජාත්‍යන්තරයට බොරු කිව නොහැකි බවත් චීන නැවේ ගැටලුව සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වීම නිසා බොහෝ රටවල් අප සමඟ තරහ වී ඇති බවත්, යූඇන්පීයට බැරි වුණාට සමගි ජන

බලවේගයට සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් ඇති බවත්, කේළම් දේශපාලනය හරහා විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ ඇති දුර්වල රජය සිදු කරන ක්‍රියාකාරකම් නිසා අප රටේ ජනතාව සහ රටත් සමඟ තරහ නොවන ලෙස ඉල්ලා සිටින බවයි.

රට බංකොලොත් කළා සේම තමාගේ රැකවරණයට ජනාධිපතිවරයෙක් පත්කළ රජ පවුලක රජ කුමාරයෙක් ජනාධිපති එක්ක තරහ වී ඇති බවත්, සෞඛ්‍ය ඇමැතිව වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් කණගාටුවට පත්ව ඇති බවත්, මෙසේ කණගාටුවන රජ පවුල සෞඛ්‍ය ඇමැතිගේ විශ්වාසභංගයේදී පවා රට ගැන නොසිතා තමන් ගැන සිතමින් කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment