අද සවස අකුණු අවදානමක්

143


අද පස්වරුවේ ප්‍රබල අකුණු අවදානමක් ගැන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්නිවේදනයක් නිකුත්කර ඇත.
ඒ අනුව අද පස්වරු 1.30 සිට අද පස්වරු 11.30 තෙක් මෙම අවදානම පවතින බවද සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment