මෝටර් රථයක් දුම්රියක ගැටී සිව් දෙනෙකුට තුවාල

283

අද පස්වරුවේ ජා ඇල කුඩහකපොළ දුම්රිය ස්ථානය ආසන්නයේදීය මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර රථයේ ගමන් කළ පුද්ගලයින් 4 දෙනෙකු බරපතළ තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත.යුවළක්, මවක් සමග දියණියක් මෝටර් රථයේ සිට තිබේ. මෙම පිරිස මංගල්‍ය උත්සවයක් සඳහා සහභාගීවී නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇත.ඔවුන් සියලුදෙනාම ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වාර්තා වෙයි.අදාළ දුම්රිය කටුනායක දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක් බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment