බීජ අල මෙට්‍රික් ටොන් 21ක් කිළිනොච්චියේ දී විනාශයට

26

දිලීර රෝගයක් වැළඳීම නිසා වළ දැමීමට තීරණය වූ අර්තාපල් බීජ අල මෙට්‍රික් ටොන් 21 ක ප්‍රමාණය යාපනයේ වළ දැමීමට යෑමේදී එල්ල වූ දැඩි විරෝධයක් නිසා එම බීජ අල කිළිනොච්චියේ වනගත ප්‍රදේශයක වළදැමීම සඳහා රැගෙන ගොස් තිබේ.

මීට පෙර පැවැති සාකච්ඡාවකදී යාපනයේ අල ගොවීන් එම නරක් වූ බීජ අල තොගය යාපනයේ වළ දැමීමට එකඟ වූවත් යාපනයේ පරිසර සංවිධාන හා තවත් ගොවි සංවිධාන කීපයක් ඊට තරයේ ම විරෝධය පළකිරීම නිසා එම බීජ අල තොගය මනුෂ්‍ය ජනාවාසවලින් තොර ප්‍රදේශයක වළ දමා විනාශ කිරීමට යාපනයේ කෘෂිකර්ම නිලධාරීන්ට සිදු විය.

යාපනයේ, කුප්පිලාන් ප්‍රදේශයේ ගබඩාවක මෙම බීජ අල තොගය ගබඩා කිරීමෙන් පසුව දැඩි දුර්ගන්ධයක් මුළු පළාත පුරාම පැතිර යන්නට වූ අතර ඒවා වළ දැමීම සඳහා යළි පොලිතීන් උරවලට බහාලීමේදී ඊට වඩා දැඩි දුඟදක් පළාත පුරා පැතිර ගොස් තිබේ.

කෘෂිකර්ම නිලධාරීන් විසින් කම්කරුවන් පිරිසක් යොදා ගෙන එම නරක් වූ බීජ අර්තාපල් තොගය ඉතා සියුම් ලෙස පොලිතීන් බෑග්වල අසුරා කිළිනොච්චියේ මහ කැලයක් වෙත රැගෙන ගොස් විනාශ කොට දමා තිබේ.

ඔස්ටේ්‍රලෙියානු සමාගමක් විසින් යාපනයට එවා තිබූ එම බීජ අල මෙටි්‍රක් ටොන් 21ක ප්‍රමාණය දිලීර රෝගය නිසා නරක් වී කුණු වීමෙන් පසුව ඒ වෙනුවට අලුතින් බීජ අල යාපනයේ අල ගොවීන් වෙත ලබාදීමට එම සමාගම එකඟ වී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment