රසකැවිලි නිෂ්පාදකයෝ රජයට දුක කියති – අලෙවිය අඩු බවට මැසිවිලි

40

පොල්, පොල්තෙල්, සීනි සහ පිටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා දකුණු පළාතේ රස කැවිලි නිෂ්පාදකයන් ගැටලු රැසකට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති. මේ දිනවල වෙළෙඳ පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100 හා 150 අතර මිල ගණන්වල පැවතීම දරාගත නොහැකි බවට ඔවූහු පෙන්වා දෙති.

රසකැවිලි නිෂ්පාදනය කිරීම සඳහා පොල් ඉතා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යකි. රසකැවිලි නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන සීනි සහ පිටි ඇතුළු අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යෑමෙන් දොදොල්, කැවුම් සහ කිරිටෝෆි වැනි රස කැවිලි වල මිල අකමැත්තෙන් වුවත් වැඩි කිරීමට සිදුවී ඇති බව රසකැවිලි නිෂ්පාදකයෝ පෙන්වා දෙති. දොදොල් සෑදීම සඳහා දර අවශ්‍ය බවත්, දරවල මිල ද මේ වනවිට ඉහළ ගොස් ඇති බවටත් ඔවූහු මැසිවිලි නඟති.

ගෑස් මිල වැඩිවීම ද රසකැවිලි කර්මාන්තයට එල්ල වූ මරු පහරකි.

නව වසරේ වෙනදාට වඩා රසකැවිලි සඳහා ඇති ඉල්ලුම අඩුවී තිබූ බව ඔවුහු පවසති.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment