අල්ලස් කොක්කේ රාජ්‍ය ලොක්කෝ 73ක්

142

පැමිණිලි 3432ක්

අල්ලස් ලබාගනිද්දීම 2023 වසරේ රාජ්‍ය නිලධාරීන් 73 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

රාජ්‍ය අංශයේ විවිධ කටයුතු කඩිනමින් ඉටුකර දීමට අල්ලස් ඉල්ලන බවට කොමිසම වෙත ලැබුණු පැමිණිලිවලට අදාළව සිදුකළ වැටලීම් 73ක් අතරේ මෙම නිලධාරීන් කොටුකරගත් බවද හෙතෙම කීය.

මෙම අත්අඩංගුවට ගත් රාජ්‍ය නිලධාරීන් අතරින් වැඩිපුරම අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් බවත් එම සංඛ්‍යාව 16ක් බවත් හේ කියා සිටියේය.

මීට අමතරව විදුහල්පතිවරයකු, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්දෙනකු ද, ලංකා ගමනා ගමන මණ්ඩලයේ 4 දෙනකු ද සිටින බවද හෙතෙම කීය.

එසේම, අල්ලස්, දූෂණ, වත්කම් සම්බන්ධව පැමිණිලි පසුගිය වසරේ (2023) 3432ක් ලැබී ඇතැයි ද හේ කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment