නොරොච්චෝලේ ක්‍රියාත්මක වුණත් විදුලි කප්පාදුව වෙනසක් නෑ

97

නොරොච්චෝල බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් එක් කළද තවදුරටත් පැය 02 යි විනාඩි 20ක විදුලි කප්පාදුව එසේම සිදුකරනු ඇත.

බලාගාරය අක්‍රීයවීමෙන් හිඟවූ විදුලි ප්‍රමාණය ලබාගැනීම සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගත් බව (ක්‍ෂණික මිලදී ගැනීම්) එම ගිවිසුම අද (03දා) අවසන් වීමෙන් පසු එය දික් ්නොකරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

පෞද්ගලික බලාගාරවලින් විදුලි ලබානොගෙන නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයෙන් පමණක් විදුලිය ලබාගන්නා නිසා විදුලි කප්පාදුවේ වෙනසක් (අඩුවීමක්) සිදුකළ නොහැකි බවද ඒ මහතා කීය.

ඉන්ධන හල් මගින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන බෙදාහරින බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව මහජන උපයෝගීතා කොමිසම මේ දිනවල ඉන්ධනහල් පරීක්‍ෂා කිරීම් සිදුකරගෙන යන බව පැවසූ සභාපතිවරයා එක් ඉන්ධන හලක ඉන්ධන අඩුවෙන් නිකුත් කිරීම නිසා එහි පොම්ප දෙකකට සීල් තැබූ බවත් කියා සිටියේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment