පාරුව පෙරළී 6ක් ජල රකුසාට බිලිවූ කින්නියා ඛේදවාචකය

635

කින්නියා කුරුඤ්ඤංකේති පාලම් පාරුව පෙරළී යෑමෙන් එහි ගමන් ගත් පාසල් සිසුන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු ජීවිතක්‍ෂයට පත්විය. කුරුඤ්ඤංකේති පාලම දැඩි ලෙස අබලන්ව පවතී. ඒ නිසා මගීන් හට එහා මෙහා යෑමට තාවකාලික පාලම් පාරුවක් සේවයට යොදා තිබිනි. හිස් බැරල් කීපයක් එකට ගැට ගසා සාදාගෙන ඇති එම පාලම් පාරුවේ 20ක් පමණ මගීන් ගමන් කර ඇත. සමබරතාව නැතිව යෑම නිසා පසෙකට ඇලව පෙරළී යෑමෙන් විපත සිදු වී ඇත.

මෙම පාලම් පාරුව අනාරක්‍ෂිත බව බලධාරීන්ට ප‍්‍රදේශවාසීන් විසින් පෙන්වාදුන්නද ඒ කිසිවක් ගණන් නොගැනීම නිසා විපත සිදුව ඇත.

පාරුව පෙරළී 6ක් ජල රකුසාට බිලිවූ කින්නියා ඛේදවාචකය

මේ ඊයේ එම සිදු වූ ස්ථානයේදී ප‍්‍රදේශවාසීන් කළ ප‍්‍රකාශ කිහිපයකි.

ජීවිත හයක් බිලිගත් මෙම අනතුරට නිලධාරීන් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ඇතුළු මැති ඇමැතිවරු සම්පූර්ණයෙන් වගකිව යුතු බව අනතුර සිදු වූ ස්ථානයට පැමිණි ජනතාව සඳහන් කර සිටියහ.

නිසි ක‍්‍රමවේදයක් නොමැතිව බැරල්වලින් හදපු පාලම් පාරුව අනුමත කරන ලද සියලූ දෙනාම මෙම අනතුරට සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් කිහිප අවස්ථාවකම සඳහන් කළද මෙහි තිබෙන අවදානම පිළිබඳව කිසිම බලධාරියෙකු අවධානයක් නොදැක් වූ බවත් අවධාරණය කරන එම ජනතාව එහි ප‍්‍රතිඵලයක් ලෙස අහිංසක ජීවිත හයක් බිලිදෙන්න සිදු වූ බවද සඳහන් කරති.

මේ පාලම් පාරුවෙන් අනතුරක් වෙන්න කලින් නිලධාරීන් මෙහි අවදානම සොයා බැලූවෙ නැහැ. දැන් දෙමාපියන්ට බණින්නයි ගහන්නයි අයින් වෙන්නයි කියලා කියනවා. මෙතැනට පාලමක් දාන්න තිබුණා. ඉන්ජිනේරු අය ආර්ඞී එකේ අයයි ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මොනවද මේ වෙනකම් කළේ. මේ අය ඔක්කොටම පිස්සු හැදිලා තියෙන්නේ යැයි එම ජනයා වැඩිදුරටත් කියා සිටියහ.

අරුණ බෝගහවත්ත – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment