සාපෙළ විභාගය ඇරඹේ

69

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද පෙරවරු 8.30ට ආරම්භ විය. එය ලබන මස 08 වනදා දක්වා පැවැත් වේ.මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබේ.ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.මේ අතර මෙවර විභාගය සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 10 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.මේ අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සිසු සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment