ජනපති එජාප මැයි රැළිය අමතයි

153


මගේ අරමුණ මුල්බැස ගත්තේ දේශපාලනය නොව රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීම සහ පුරවැසියන් මත පැටවී ඇති බර අඩු කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් පැවසීය. මේ හේතුව නිසා මම ජනාධිපති ධූරයේ කාර්යභාරය භාර ගත්තා. ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ මෙම ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය දක්වන අමාත්‍යවරුන් සමඟ වැඩ කිරීමට මට ඇති හැකියාව කෙරෙහි විශ්වාසය තිබෙනවා.එනිසා සමගි ජන බලවේගයේ තරණු මන්ත්‍රීවරුනට ද ඒ සඳහා සහාය දැක්වීමට එක්වන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 2048 දී රට නිදහස් වී ශත සංවත්සරයට ළඟා වන විට ඉන්දියාව 2047 දී සහ චීනය 2049 දී සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන ආකාරයටම සංවර්ධිත ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීම ඉලක්කය විය යුතුයි. 2048 සංවර්ධනයේ වසරක් වේවා. ශ්‍රී ලංකාව අපි මේ ආර්ථිකය ගොඩනගන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත තරුණ පරපුරට සහ දරුවන්ටයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැළිය සූම් තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment