පකිස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඝාතනයට තැත්කළ අල්කයිඩා නායකයා මරුට

150

පකිස්ථානයේදී ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් ඝාතනය කිරීමට උත්සාහ කළ අල්කයිඩා ත්‍රස්ත නායකයකු වූ ඉක්බාල් අලියාස් කගසාරා පාකිස්ථාන් පොලිසිය පසුගිය 04 වැනිදා වෙඩි තබා මරා දමා ඇත.

මේ බව කයිටර් පොලිස්පති ගයනි කගාන් ප්‍රකාශ කර තිබේ. තිලාන් සමරවීර, කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩින්, ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් එම ප්‍රහාරයේදී තුවාල ලබා තිබිණි.

වසර කීපයක් තිස්සේ සැඟවී සිටි ඉක්බාල් පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඝාතනය කළ බව පොලිස්පතිවරයා පළ කළේය.

පකිස්තානයේ බීරට් නගරයේදී එම වෙඩි හුවමාරුව සිදුවී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment