පාරිභෝගිකයා වෙනුවෙන් හඬ නගන්නේ මං විතරයි – අසේල සම්පත්

160

දිගින් දිගටම පාරිභෝගික ජනතාව ගසාගෙන කෑම වැළැක්වීම සඳහා හඬක් නගන්නේ තමා පමණක් යැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

පාරිභෝගික අධිකාරිය නමට පමණක් සීමාවී තිබෙන බවත් ඔවුන් අද සිදුකරන්නේ වැඩි මිලට බිත්තර විකුණන වෙළෙඳුන් සොයන වැටලීම් පමණක් බවත් හෙතෙම කීවේය.

පාරිභෝගික අධිකාරිය විසුරුවාහැර ඒ වෙනුවට ජනාධිපති කාර්ය සාධක බළකායක් ආරම්භ කිරීම ඉතාම වැදගත් බවද හෙතෙම පැවසීය.

ගෑස්, ඉන්ධන, මෙන්ම ඩොලරය පවා අද පහළ ගොස් තිබියදී වෙළෙඳ මාෆියාව දිගින් දිගටම පාරිභෝගියා ගසාකන බවද ඔහු කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment