නව පනතින් ගෘහ සේවිකාවන්ටත් ඊ.පී.එෆ් දෙනවා – ඇමැති මනූෂ

64

සම්මත කිරීමට යන රැකීරක්ෂා නව පනත් කෙටුම්පත අනුව ගෘහ සේවාව ඇතුළු අවිධිමත් සේවාවන්හි රැකියා සිදු කරන සියලු දෙනා සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට (ඊපීඑෆ්, ඊටීඑෆ්) දායක කර ගන්නා බව කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) කීය.

ඊට අමතරව සේවකයන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව, ගරුත්වය සහ සුබසාධනය ලබා දීම සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් එමගින් දක්වා ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේ විපක්ෂ මන්ත්‍රිනී රෝහිණී විජේරත්න මහත්මිය (සජබ) විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment