‘විසිවන සමරුවට ගුරුගේ නේචර් පාර්ක් 15දා නොමිලයේ අවස්ථාව ලබාදෙයි’

519

දරුවන්ගේ විනෝදය සඳහා වූ ජාඇල, වැලිගම්පිටියේ පිහිටුවා ඇති ගුරුගේ නේචර් පාර්ක් 20 වන සමරුව මෙම නොවැම්බර් මස 15වෙනි දින දවස පුරා එහිදී පැවැත්වේ.

විසිවන සංවත්සරය නිමිත්තෙන් එදින ගුවන් යානාවක අත්දැකීම්, ගැමි ගෙදර, කතුරු ඔන්චිල්ලා, ස්කයිටේ‍්‍රන්, ජල උද්‍යාන, කිංග්ස් ටවර්, ජුරාසික් පාර්ක්, කම්මල, කොළොම්බස් නෞකාව, බෝට්ටු සවාරි සියලූම අංශවල විනෝදවීමට අනතාවට හා දරුවන්ට එදින අවස්ථාව ලබාදෙන බව එම ආයතනයේ සභාපති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. අධ්‍යාපනය, මානසික සුවය ත‍්‍රාසය, විවේකය සමත්‍වත්‍ව සොබා ධර්මයේ අසිරියද විඳ ගැනීමට අවස්ථාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව එදින ලබාදීම තම අපේක්‍ෂාව බවද ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment