වෙඩි තැබීම ගැන උද්දිකගෙන් ප්‍රකාශයක්

537


රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සිය මෝටර් රථයට ඉකුත් 17 වැනිදා රාත්‍රියේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

17 වැනිදා රාත්‍රියේ මගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ වෙද්දි පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කටයුතු කරමින් යනවා. ඒ වෙලාවේ මට කතා කරපු මගේ ගැන හොයලා බලපු සියලුදෙනාටම ගොඩක් ස්තූතියි. මේ සිද්ධිය කළේ කවුද කියන දේට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමා මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ ජනතාවත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ සමාජ ක්‍රමයත් වැරදියි. දේශපාලනයත් වැරදියි. ඒ වැරැද්ද නිසා තමා මුළු රටම අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. දෙපැත්තේම ඒ වැරැද්ද තියෙනවා. අපි මේක වෙනස් කරගන්න, මේකේ නිවැරදි තැන අපි හොයා ගන්න ඕනේ. මේකේ අපි වෙනස් වෙන්න ඕනේ කොතැනද කියන එක අපි හරියටම හොයා ගන්න ඕනේ. ඒක හොයාගෙන රටේ ජනතාවත් වැඩකරන්න ඕනේ. දේශපාලන නායකයොත් වැඩකරන්න ඕනේ. ඒ වෙනස මේ රටට ගේනකල් මම හිතන්නේ නෑ අපේ රට අනිත් රටවල තියෙන දියුණු තත්ත්වයට දියුණු මිනිස්සු ඉන්න රටක් බවට අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා.

advertistmentadvertistment
advertistmentadvertistment