1201ක් මරණ දඬුවමට පෝලිමේ

70

මරණ දඬුවමට නියමව රැඳවියෝ 1194 දෙනකු ඊයේ (24 දා) වනවිට බන්ධනාගාරයේ සිටියහ.

මින් 445 දෙනකු මරණ දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇත. මරණ දඬුවම නියම වූ 749 දෙනකු සිටින අතර එයට කාන්තාවන් 15 දෙනකු ඇතුළත් වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

අභියාචනා කළ රැඳවියන් 445 දෙනා අතර කාන්තාවෝ 11ක් ද සිටිති. කොළඹ මහාධිකරණය මගින් රැඳවියන් 07 දෙනකුට ඊයේ (24 දා) මරණ දඬුවම ලබාදුන් අතර ඒ අනුව මරණ දඬුවම නියමව සිටින රැඳවියන් ගණන 1201 ක් දක්වා වැඩිවනු ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment