ඊයේ රැ සිට 30 දා අලුයම තෙක් දින 10ක් රට වසයි

665

* සෞඛ්‍ය – ආරක්‍ෂක – අත්‍යවශ්‍ය සේවා සහ ඇගලුම් සේවකයන්ට බාධාවක් නෑ

* ඖෂධ ශාලා – ෆාමසි විවෘතයි

* අත්‍යවශ්‍ය සේවා සඳහා යන අයට රාජකාරි ලිපි ඔ්නෑ නෑ

* කෘෂිකර්ම කටයුතුවලට අවසර

රටේ ඇතිවී තිබෙන කොවිඞ් අධි වසංගත තත්ත්වය හමුවේ ඊයේ (20 දා) රාති‍්‍ර 10 සිට ලබන තිස්වැනි ස`දුදා අලූයම 04 දක්වා රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට (ලොක් ඩවුන්) රජය කටයුතු කළේය.

මේ අනුව එම කාලසීමාවේ දී සෞඛ්‍ය සේවා, ආරක්ෂක, අත්‍යවශ්‍ය සේවා ස`දහා යන පුද්ගලයන්ට, ඇ`ගලූම් කර්මාන්ත ශාලා සේවකයන්ට ගමන් කිරීමට අවසර ලැබෙයි. ඖෂධ ශාලා (ෆාමසි) විවෘත කිරීමට ද අවසර හිමි වන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අදාළ කාලයේ දී අත්‍යවශ්‍ය සේවා ස`දහා පිටත්ව යන පුද්ගලයන්ට රාජකාරි ලිපියක් අවශ්‍ය නොවන බව ද හෙතෙම කීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැති කොවිඞ් පාලනය පිළිබඳ කමිටු රැුස්වීමේදී මෙම තීරණ ගත් බව ඒ මහතා සඳහන් කළේය.

ඊට අමතරව මෙම කාල සීමාවේ දී යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව මෙතෙක් එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට නිවෙස් වෙතට ගොස් එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.

නිරෝධායන ඇ`දිරි නීතිය කි‍්‍රයාත්මක කාලයේ දී කෘෂිකාර්මික කටයුතු ස`දහා අවසර හිමිවන කී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම කාලසීමාවේදී නිවෙස්වලින් බැහැරට නොගොස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ද සියලූ පාර්ශ්ව වෙතින් ඉල්ලා සිටියේය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment