කුඩු තොග ගන්න විට තෑග්ගට ගිනි අවි දීලා – වලානේ කැළෑවක වළෙන් බඩු උඩට

782

දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායමකට අයත් පිස්තෝල ඇතුළු ගිනි අවි තොගයක් වැලිගම වලාන ප‍්‍රදේශයේ කැලෑවක වළදමා තිබිය දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ඊයේ (20 දා) අලූයම සොයාගෙන ඇත.

මෙසේ සොයාගත් අවි ආයුධ අතර ස්වයංක‍්‍රීය පිස්තෝල 5ක් ඊට යොදන මැගසින් 8ක් ජීව උණ්ඩ 10ක් තිබූ බව මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළව සිදු කළ විමර්ශනයකදී මෙම අවි ආයුධ තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

ශ‍්‍රී ලංකාවට හෙරොයින් තොග පිටින් රැුගෙන එන ප‍්‍රධාන පෙලේ පාතාල කල්ලියක සාමාජිකයින් විසින් මෙම අවි තොගය ස`ගවා තබන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් මිලදී ගනිද්දී එම හෙරොයින් අලෙවි කරන ජාවාරම්කරුවන් විසින් ස්වයංක‍්‍රීය අවි ආයුධ ත්‍යාග ලෙස ලබාදෙනු ලබයි.

මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සොයාගත් මෙම අවි ආයුධ තොගයද එසේ හෙරොයින් තොගයක් මිලදී ගැනීමේදී ත්‍යාග ලෙස ලැබුණු ආයුධ බවට සැක පහල කරයි.

මෙම ආයුධ තොගය පොලිතින් කවරවල බහා ඉතාම සුරක්‍ෂිත ලෙස වළදමා තිබූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් ආයුධ තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත රැුගෙන එනු ලැබීය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පුළුල් විමර්ශනයක් ක‍්‍රියාත්මක කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment