කීරිමලෙයි ශිව කෝවිල සහ අවටට අතීත උරුමය ඉල්ලති

138

යාපනයේ කීරිමලෙයි ශිව කෝවිල හා ඒ අවට තිබූ පෞරාණික ස්ථාන යළිත් වරක් නම් කොට අතීත උරුමය සහතික කොට දෙන ලෙස කෝවිල් භාර කාර මණ්ඩලය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කොට තිබේ. කෝවිලේ භාරකාර මණ්ඩලය කීරමලේ ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු භාරව සිටින නාවික හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් කෝවිල් භූමියට කැදවා අතීතයේදී කීරමලේ ශිව කෝවිල පිහිටි ආකාරය පිළිබඳ විස්තරයක්ද ඉදිරිපත් කොට තිබේ.

ඔවුන් ප්‍රකාශ කරන්නේ පෘතුගීසි සමයේදී මේ කෝවිල ආශ්‍රිතව පිහිටි වසන්ත මාළිගය, උද්‍යාන පොකුණ හා තවත් අංග බොහොමයක් විනාශ වී ගොස් ඇති බවයි. මේ නිසා කීරිමලේ ශිව කෝවිල හා ඒ අවට ප්‍රදේශය පෙර පැවැති ආකාරයටම සංවර්ධනය කොට තහවුරු කොට දෙන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින කෝවිල් භාරකාර මණ්ඩලය මේ භූමි ප්‍රදේශය ඓතිහාසික ආගමික ප්‍රදේශයක් වශයෙන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කොට දෙන ලෙසද ඉල්ලා ඇත. කීරමලේ ඓතිහාසික පොකුණ වටා ගෙතුණු බොහෝ ජනප්‍රවාද ඇතත් වත්මන් පරාම්පරාව ඒ පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා නිසා ඒ පිළිබඳ පාසල් සිසුන්ගේ සිට සමස්ත ප්‍රජාව දැණුවත් කිරීම සඳහාද කෝවිල් භාරකාර මණ්ඩලය වැඩ පිළිවෙලක් දියත් කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment