බස් රථයේදී තරුණියකට අමුතු මෙහෙයුමක් කරන්න හැදූ එස්ටීඑෆ් නිලධාරියා දැලේ

1294

බස්රියක ගමන් කළ 19 හැවිරිදි තරුණියකට එම බස් රියේ සිටි පොලිස් සැරයන්වරයකු සිදුකළ බව කියනු ලබන ලිංගික හිංසනයන් පිළිබඳව එම සැරයන්වරයා කිරුළපන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැරයන්වරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායට සම්බන්ධ අයෙකු බවය.

පිටකොටුවේ සිට කොට්ටාව බලා ධාවනය කළ මෙම බස් රියේදී සැකකරුගේ ක්‍රියාව එම තරුණිය විසින්ම වීඩියෝ කර ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව මේ පිළිබඳව කළ කරුණු විමසීමකදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා පැවසීය.

ඉකුත් 17 වැනිදා සවස් භාගයේදී මෙම සිද්ධිය හටගෙන තිබූ අතර බස් රියේ මගීන් මෙන්ම කොන්දොස්තරවරයා සහ රියැදුරා මැදිහත්වී සැකකරු අල්ලා පොලිසියට භාරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment