කොළඹ වරායටත් වඩා ග්‍රෙගරි වැවේ බෝට්ටු තියෙනවා…. – පරිසරවේදීහු කියති

624

ඒ අස්සේ අගමැතිත් බෝට්ටු දාන්න බලපෑම් කරලා
අගමැතිගෙන් කිසිම බලපෑමක් නෑ… – ලේකම්වරයකුගෙන් ලිපියක් ආවා
වැඩබලන නාගරික කොමසාරිස්වරිය කියයි

අනාරක්ෂිත අක්‍රමවත් පරිසර විනාශකාරී බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක වන නුවරඑළිය ග්‍රෙගරි වැවට අගමැතිත් බෝට්ටු දා ගන්න නාගරික කොමසාරිස්වරියට බලපෑම් කිරීම සම්බන්ධව සිය විරෝධතාව ප්‍රකාශ කරන බව නුවරඑළිය පරිසරවේදීන් ප්‍රකාශ කරයි.

ඔවුන් මේ බව කියා සිටියේ නුවරඑළියේ රැකගත යුතු පරිසර වටිනාකමින් යුතු ස්ථාන රාශියක් ඇති බැවින් සිය අනන්‍යතාව නම් වලින් හෙළි නොකර වගකිවයුත්තන්ගේ අවධානයට මෙම

ගැටලුව ඉදිරිපත් කරන ලෙස විශේෂ ඉල්ලීමක් සිදු කරමින්ය.

වැඩිදුර අදහස් දක්වමින් පරිසරවේදීන් කියා සිටියේ දැනට වසර 10 ක ඉතිහාසයක් ගත්කල නුවරඑළිය ග්‍රෙගරි වැවේ තිබුණේ බෝට්ටු දහයක් පහළොවක් වැනි ඉතා අඩු ප්‍රමාණයක් බවත්

වර්තමානය ගත් කල කොළඹ වරායටත් වඩා වැඩි බෝට්ටු ප්‍රමාණයක් නුවරඑළිය වැවේ තිබෙන බවත් එය බෝට්ටු 175 – 200 ක් පමණ බවත් පැවසීය.

මේ අස්සේ අගමැතිවරයාත් ග්‍රෙගරි වැවට බෝට්ටු දාන්න නාගරික කොමසාරිස්වරියට ලිඛිතව බලපෑම් කරල තියෙනවා කියලා අපට දැනගන්න ලැබුණා.

අවසර අරගෙන දාපු බෝට්ටුවලට අමතරව අනවසර බෝට්ටු විශාල ප්‍රමාණයක් නුවරඑළිය ග්‍රෙගරි වැවේ තියෙනවා.

එන්න එන්නම නුවරඑළිය වැවට බෝට්ටු දාන එකෙන් වෙන්නේ අධික ලෙස ජලය කැලැත්තීමෙන් වැව් ඉවුර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා දිය වෙලා යෑමයි.

ඒ විතරක් නෙමෙයි බෝට්ටුවලින් කාන්දුවන තෙල් නිසා වැව් ජලය දැඩි ලෙස අපවිත්‍ර වන අතර ජලජ ජීවීන්ට හා ශාකයන්ට දැඩි හානියක් සිදුවනවා.

එලෙසින් පරිසරවේදීන් නැගූ චෝදනාවන් පිළිබඳ අප කළ විමසුමකට අදහස් දක්වමින් නුවරඑළිය මහ නගර සභාවේ වැඩ බලන නාගරික කොමසාරිස් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජීවා බෝධිමාන්න මහත්මිය කියා සිටියේ නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු හා සම්බන්ධව ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බවයි.

වැඩිදුර අදහස් දක්වමින් නාගරික කොමසාරිස්වරිය කියා සිටියේ බෝට්ටු දා ගන්න ඕන කියලා අගමැතිතුමාගෙන් කිසිදු බලපෑමක් මට ඇවිත් නැහැ.

අගමැතිතුමාගේ ලේකම්වරයෙකු හරහා ලිපියක් පැමිණ තිබෙනවා.

ඒ ලිපියේ කිසිදු බලපෑමක් කරලා නැහැ.
නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment