ඉන්දියාවෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 900 කට අධික විනිමය පහසුකම්

150

ශී‍්‍ර ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 900 කට අධික විදේශ විනිමය පහසුකම් ලබාදීම ඉන්දියාව විසින් සහතික කර තිබේ.

ශී‍්‍ර ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ශී‍්‍ර ලංකාවට සහය ලබාදීම සඳහා මෙම මූල්‍ය සහාය ඉන්දියාව විසින් මෙරටට ලබාදෙනු ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධික ආසියානු නිෂ්කාශන සංගමයේ ගෙවීම කල් දැමීම සහ අලූතින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක විදේශ විනිමය හුවමාරු පහසුකම මෙයට ඇතුළත් වන බව වාර්තාවේ.

ඉන්දියානු සංචිත බැංකුව හරහා මේ මූල්‍ය සහාය ලැබෙන අතර මෙය අපේ විදේශ සංචිත මට්ටම ශක්තිමත් කර ගැනීම සඳහා ඉවහල් වනු ඇත.

මේ අතර පසුගිය සතියේ ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා හමුවී ශී‍්‍ර ලංකාවට ඉන්දියාවේ ශක්තිමත් සහයෝගිතාව අවධාරණය කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment