සෞදියේ දුක් විඳින මගේ නෝනා ගෙනැවිත් දෙන්න

53

මදුරන්කුලිය, මුක්කුතොඩුවාව, කජුවත්ත ප්‍රදේශයේ පදිංචි සිටි දැනට විදේශ රැකියාවකට ගොස් සෞදි රෝහලක ප්‍රතිකාර ලබන තම බිරිඳ වු ප්‍රියංගිකා කුමුදුනී සන්ධ්‍යා කුමාරි සෙනවිරත්න මහත්මිය ලංකාවට ගෙනත් දෙන ලෙස සියලු බලධාරීන්ගෙන් ඇගේ ස්වාමිපුරුෂයා ඉල්ලා සිටියි.

තම භාර්යාව 2023.05.16 වන දින විදේශ ගත වු බවත් ඉකුත් නොවැම්බර් මස 15ට පසුව කිසිදු කථා බහක් නැති වු බැවින් මම දැඩි වේදනාවෙන් කළකිරීමෙන් සිටියත් මීට දින කිහිපයකට පෙර සෞදි රෝහලක ලංකාවේ අපේ කෙනෙක් හරහා දැන ගන්න ලැබුණා රැකියාව කළ ස්ථානයේ හිමිකරුවන්ගේ දරුණු වධ හිංසාවට ලක්ව දැනට රෝහල් ගත කර සිටින බවත් ඇයට කථා කළ බවත් කුමන ආකාරයකින් හෝ මගේ නෝනා මම සුවපත් කර ගන්නම් මට එයා ගෙනත් දෙන්න දැනට රෝහල් ගත කර සිටින අයගේ ස්වාමි පුරුෂයා වු ඩබ්. එන්. ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ.

දැන් වෙච්ව දේ වෙලා ඉවරයි. මගේ බිරිඳ මම කොහොම හරි හොඳ කර ගන්නම්. මම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා සෞදි රෝහලේ සිටින මාගේ බිරිඳ ලංකාවට ගෙනත් දෙන්න කියලා.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment