පියා දියණියත් ඇදගෙනම දුම්රියට පැන දිවි නසාගෙන

208

ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ගමන් ගන්නා රාත්‍රී තැපැල් දුම්රියට කන්තලේ පරාක්‍රම මාවත අසලින් ඊයේ (7 දා) රාත්‍රී 9.00ට පමණ පියෙකු තම හය හැවිරිදි දියණියද ඇදගෙන ගොස් පැන දිවි නසාගෙන ඇති බව කන්තලේ පොලිසිය කියයි.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තිරුවේන්ද්‍රන් හා දියණිය ෆාතිමා හනා (6) යන දෙදෙනායි.

මොහුගේ බිරිඳ විදේශගතව සිටින අතර දියණිය බිරිඳගේ සොයුරියකගේ නිවසේ සිට කැකිරාව කටුකැලියාව විද්‍යාලයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත. දැනට දින 13කට පමණ පෙර මියගිය අය එම නිවසට නොකියාම දරුවා කන්තලේ තම මවගේ නිවසට රැගෙනවිත් ඇත. පියා සිද්ධිය සිදුවූ දින සවස් වරුවේ රේල්පාර අසල බොහෝ වේලාවක් දියණියද සමග කතාබස් කරමින් සිට ඇති අතර දුම්රිය පැමිණෙනවාත් සමගම දියණියද බලහත්කාරයෙන්ම ඇදගෙන පැන ඇති බව සිද්ධිය දුටුවන් කියා සිටී.

කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සුළු පැමිණිළි අංශය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment