පෙම්වතියට හා ඇගේ මවට මාරාන්තික කඩු ප්‍රහාර දුන් පෙම්වතා ගසක එල්ලී මරුට

638

පෙම්වතියට හා ඇගේ මවට මාරාන්තික කඩු ප්‍රහාරයක් එල්ල කළ යාපනයේ තරුණයකු අසල කුඹුරක ගසක එල්ලී පෙරේදා (16 දා) සිය දිවි හානිකරගෙන තිබේ.

යාපනයේ ඉලවාලී, පණ්ඩතරිප්පු, පනිපුලම් ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබේ. සිද්ධියට සම්බන්ධ තරුණයා කාලයක සිට එම තරුණිය සමග පෙමින් වෙලී සිට ඇත. නමුත් මව ඊට තරයේ විරුද්ධ වී දියණියද මවගේ පැත්තට හරවා ගැනීම නිසා උරණ වූ තරුණයා ඔවුන්ගේ නිවසට කඩුවක් රැගෙන ගොස් දෙදෙනාම කඩුවෙන් කපා කොටා තුවාල සිදු කොට තිබේ.

මව හා දියණිය තුවාල ලබා විලාප තබමින් බිම ඇද වැටුණු අවස්ථවේදී තරුණයා අසල කුඹුරකට දිව ගොස් ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පනිපුලම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ගුණතිලකම් ප්‍රනවන් නමැති අයෙකි. ඔහු ප්‍රදේශයේ කුඩා වෙළෙඳ සැලක් පවත්වා ගෙන යන අයෙකි.

කඩු ප්‍රහාරවලින් බරපතල ලෙස තුවාල ලබා ඇති මව හා දියණිය ප්‍රතිකාර සඳහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබේ. ඉලවාලී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment