මෙවන් උතුම් බුදු පුතුන් ලක්මෑණිට හරි උතුම්

118

කොළයක දවටන ලද රුපියල් 21,000ක මුදලක් අහුලාගෙන එම මුදල් අයිතිකරු වෙත භාරදීමට අළුත්ගම, කයිකාවල සුනන්දාරාම විහාරවාසී පූජ්‍ය පොතුපිටියේ ආනන්ද හිමියෝ කටයුතු කළහ.

08 වෙනි දින අකුරැස්ස ප්‍රධාන බස් නැවතුම්පොළේ බිම වැටී තිබූ කොළයක ඔතන ලද රුපියල් 21000ක මුදල වෙනත් කිසිවෙකුට හෝ භාර නොදී අකුරැස්ස පොලිසිය වෙත පැමිණි හිමි නම නියම අයිතිකරුට මුදල් ලබාදෙන ඉල්ලා අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයලත් මහතා වෙත භාරදී තිබේ.

මුදල් ඔතන ලද කොළය දියලපේ, ඉලුක්වත්ත පදිංචි ඒ. ඩී. එන්. ආර්. වීරසිංහ නමැති අයට අමු තේ දලු සැපයීම වෙනුවෙන් නිකුත් කරන ලද බිල්පතකි. ඔහු වෙත පණිවුඩයක් යවා පොලිසිය වෙත කැඳවා ගත් පොලිස් නිලධාරියා මුදල් අයිතිකරුගේ අනන්‍යතාව තහවුරු කරගෙන හිමි නම ලවාම අයිතිකරු වෙත එම මුදල යළි භාරදීමට කටයුතු කළේය.

ඉඳුනිල් තාරුකා පිනිදිය – අතුරලිය, සමන් උපුල් පිනිදිය – අකුරැස්ස

advertistmentadvertistment
advertistmentadvertistment