කොළඹ ඉඩම් මිල ඉහළට

455

කොළඹ දිස්ත‍්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය මේ වසරේ (2021* පළමු මාස හයේදී 155.1 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගිය වසරේ (2020* පළමු භාගයේ දී එය 141.6 ක් විය. පසුගිය වසර දෙක තුළ දක්නට ලැබුණු ඉඩම් තක්සේරු දර්ශකයේ වැඩි වීම පහළ යාමේ ප‍්‍රවණතාවට ප‍්‍රතිවිරුද්ධව යමින් ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය සියයට 9.5 ක් සහ අර්ධ වාර්ෂික වර්ධනය සියයට 6.8 ක් ලෙස වාර්තා විය.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 10.1 ක අගය වාර්තා වූ අතර නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයන් දක්නට ලැබුණු බව මහ බැංකුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment