සුජය, කැන්ඩොස්, BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදී

18

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2023 වර්ෂයේ තිස්නම වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද (13දා) බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට වැල්ලවාය අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් කිහිපයක 5 ශ්‍රේණිය සිසු සිසුවියෝ සහභාගි වෙති. වැල්ලවාය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ. ඩබ්. සෝමපාල මහතාගේ අනුමැතියෙන් සහ බුත්තල ප්‍රාදේශීය සභාව හා බුත්තල මහජන පුස්තකාලයේ මූලිකත්වයෙන් මෙම සුජය, කැන්ඩොස්, BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

BOC රන් කැකුළු පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ සිලෝන් චොක්ලට් (කැන්ඩොස්) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ ආනන්ද, ඉසිපතන, විශාකා, විද්‍යාලයන්හි හිටපු ආචාරිනී ගංගා සුභාෂිණී බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදු කරනු ලබයි. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපිය දැනුවත් කිරීමේ දේශනය ගුරු උපදේශිකා ප්‍රවීණ නාට්‍යවේදිනී ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment