කෙහෙළියගේ පෙත්සමට අවසර දෙනවාද නියෝගය 7 වැනිදා

25

රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය බලරහිත කර තමන් ඇප මත මුදාහැරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැති ද යන නියෝගය ලබන 7 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා ඊයේ (30දා) දින නියම කළේය.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලබන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු පොදු දේපළ පනතේ ඉදිරිපත් කොට ඇති සහතිකය බලරහිත කරනා නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා එමගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය, පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය වගඋත්තාරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment