වසරකට චිත්‍රපට ශාලා 5ක්-6ක් වැසෙයි

69

සිනමාව හැකිලෙමින් යන ප්‍රවණතාවක් ඇතිවී තිබෙන නිසා මේ වනවිට වසරකට සිනමා ශාලා 5 ක් හෝ 6 ක් පමණ වැසී යන බව ජාතික චිත්‍රපට සංස්ථා නිලධාරීන් පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී හෙළි කර ඇත.

චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සංස්ථා නිලධාරීන් හා කාරක සභා සාමාජිකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එසේම විදේශ චිත්‍රපට ගෙන්වීමට ලියාපදිංචිවන මුදල හා එක් චිත්‍රපටයක් වෙනුවෙන් සංස්ථාව අයකර ගන්නා මුදල ද සංශෝධනය විය යුතු බවට මෙහිදී යෝජනා කර ඇත.

මෙයට අමතරව නෙට්ෆිලික්ස් වැනි වේදිකාවක් ජනප්‍රියවීම තුළ ඒවාට මුහුණදීමට සංස්ථාවට පවතින සැලසුම් පිළිබඳව ද එහිදී කමිටුවේ අවධානය යොමුකර ඇත.

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් කුමාර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබෙඳව සාකච්ඡා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment