ත්‍රිකලාගෙන් Transgender Pageant එකක්

242

ත්‍රිකලා ධරණි මෙවර ලංකාවේ පළමු වරට Transgender Pageant එකක් (සංක්‍රාන්තික ලිංගික) කිරීමට මේ දිනවල සූදානම් වෙනවා. ත්‍රිකලාගේ මේ අලුත්ම Pageant එක ගැන ඇය දිවයින සිනමා කලා වෙත මෙලෙස අදහස් පැවසුවාය.

ඇත්තට ම මේක කාලයක් තිස්සේ මගේ ඔළුවේ තිබුණ දෙයක්. මොකද අපි දන්නවා පැජන්ට් එකක් කරන්න කිව්වම හැමතිස්සෙම කිරුළක් ගෙනෙන්නේ සල්ලිවලට හෝ ලිංගික අල්ලස්වලට. මට හිතුණා හරි විදිහට,දක්ෂයාට,සුදුස්සාට මේ තැන ලබාදෙන්න. ටොප් මොඩ්ල් මොඩ්ලින් ඇකඩමි එකෙන් ග්‍රැජුවෙට් වුණ ග්‍රැජුවෙට්ස්ලා අතර තියෙන ලංකාවේ ලොකුම පැජන්ට් එක මම සංවිධානය කරන්නේ. හෙට (19 වැනි දා) පළමු ඔඩිෂන් එක නවලෝක ඔඩිටෝරියම් එකේ ආරම්භ වෙනවා. ඊට පසුව 29 වැනිදා mini pageant දහයක් පැවැත්වෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තමයි ඒවා පැවැත්වෙන්නේ. ඊට පසුව සැප්තැම්බර් 3 වැනිදා Grand Fenal එක පැවැත්වෙනවා. මේකේ විශේෂතාවය තමයි Mis & Miss කැටගරීස්වලට අමතරව Mis Transgender කියන කිරුළත් ලංකාවට හඳුන්වා දෙනවා. මම හිතනවා ඒක සියලුදෙනාට ම කිසිම අසාධාරණයක් නැතුව, හැමෝගෙම දක්ෂතාවය අනුව හැකියාවට සුදුසු තැනක් ලැබෙන පැජන්ට් එකක් වෙයි කියලා.

advertistmentadvertistment
advertistmentadvertistment