ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳුන්ට කෘෂි ඇමැතිගෙන් රතු එළියක්

547


මින් ඉදිරියට ගොවින් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එලවළු හා පලතුරු මිල දී නොගන්නා අලෙවි සැල්කරුවන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ආර්ථික මධ්‍යස්ථානවල අලෙවිසැල් බදු පදනම යටතේ ලබා දී ඇති ඒවා බවත් විශාල පිරිසක් දීර්ඝකාලයක් තිස්සේ ඒවායේ අලෙවි කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි. නමුත් ඔවුන් ආර්ථික මධ්‍යස්ථානවල මිල තීරණය කරන තැරැව්කරුවන්ගේ ජාවාරම්වලට උඩගෙඩි දෙමින් ගොවි ජනතාවගේ නිෂ්පාදන කුණු කොල්ලයට ගසා කන අතරල වැඩි මිලට ඒවා අලෙවි කරමින් පාරිභෝගික ජනතාව ද පීඩාවට පත් කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
මේ නිසා ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් හා ආර්ථික මධ්‍යස්ථානවලට පලතුරු හා එළවළු සපයන ගොවින් කැඳවා මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment