සනත් නිශාන්තගේ කටහඩ ඉල්ලයි

1093


අධිකරණයට අපහාස කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03ක් සැප්තැම්බර් මස 27 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට කිරීමට අවශ්‍යව තිබෙන බවත්ය.

එම අවස්ථාවේදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ එවැනි පරීක්ෂණයකින් තොරව මෙම පෙත්සම පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 27 යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment