පාස්ටර් ජෙරම්ගේ ප්‍රකාශ ගැන ජවිපෙ මතය

3168

සියලු ක්ෂේත්‍රයන්ගෙන් අසමත්ව ඇති පාලකයන් නැවත වරක් ජාතිවාදය වපුරා බලයට පැමිණිමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.මේ වනවිට එකී පිල්ලි ක්‍රමානුකූලව කරළියට පැමිණීමට පටන්ගෙන තිබෙන බවත් කී හෙතෙම පාලකයන් පැරණි අසාර්ථක සිතියම නැවත එළීමට පටන් ගෙන තිබෙන බවත් කීවේය .මෙතෙක් කලක් නොයෙක් අදහස් පලකළ පාස්ටර් ජෙරොම් ගේ වත්මන් ප්‍රකාශ මේ වෙලාවේ නිකං කියවෙන ප්‍රකාශන නොවන බවත් කී දිසානායක මහතා නමුත් ඔහුගේ වත්මන් ප්‍රකාශය සමඟ සමාජ බලවේග සහ මාධ්‍ය පෙළ ගැසෙන ආකාරය සියුම්ව නිරීක්ෂණය කළහොත් නව සැලැස්ම තේරුම් ගැනීමට හැකිවනු ඇතැයිද කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment