මුදල් නැති මුදල් ඇමැති යැයි බැසිල්ම කීමෙන් රජය රට බංකොලොත් කර ඇති බව පැහැදිලියි

97

යුද්ධය නිසා උතුරේ හෝ දකුණේ දේපළ හානි වූ අයට වන්දියක් ගෙවීමට ලබන අයවැයෙන් මුදලක් වෙන් කරන ලෙස මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (05 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කියා සිටියේය.

‘‘ඉදිරි සතියේ ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරනවා. දැනටමත් එතුමා කියලා තියෙනවා දෙන්න දෙයක් නැහැ, ගන්න තමයි තියෙන්නේ කියලා. එතුමාට සාධාරණත්වයක් වෙන්න එතුමා මුල් කතාවේම කිව්වා, මම මුදල් නැති මුදල් ඇමැති කියලා. ඒකෙන් එතුමා පිළිගන්නවා එතුමාගේ රජය රට බංකොලොත් කර ඇති බව. මම දැක්කා ඩිව් ගුණසේකර මැතිතුමා මේ ගැන කතා කරනවා. එතුමාගේ දත්තවල සුළු වැරදීමක් තිබුණා. මංගල සමරවීර මැතිතුමා මුදල් ඇමැතිවෙලා ඉන්නකොට තමයි රාජ්‍ය ආදායම ඉහළට ගියේ. යහපාලන රජය රට භාර ගන්න කොට 2015 දී ආදායම දළ දේශීය නිෂ්පාදනය තිබුණේ 10%. අපි රට භාරදෙන විට එය 13% කට ආසන්නව තිබුණා.

මේ රටේ ද්විත්ව ප‍්‍රශ්නයක් තියෙනවා. එය අයවැයෙහි ඇති විශාල පරතරයයි. අපි එය ක‍්‍රමානුකූලව 5.5 ට ගෙනාවා. එය අපි 3.5 ක ගෙනියන වැඩපිළිවෙලක හිටියේ. ගිය අවුරුද්දේ අයවැය පරතරය 14% යි. මේ අවුරුද්දේ තත්ත්වය දැන ගන්න පුළුවන් දත්ත ආවම තමයි ඒක බලන්න වෙන්නේ.

දෙවැනි ගැටලූව රුපියල් ප‍්‍රශ්න විතරක් නෙමෙයි අද ඩොලර් නැහැ. ඒක විශාල ගැටලූවක්. ලංකාවේ විශාල කඩාවැටීමක්. ඉහළට ගිහින් එක පාරටම කඩා වැටිලා. එය විශාල කඩාවැටීමක්. ව්‍යාපාරිකයෙක් යනවා මහ බැංකුවට. ගිහිල්ලා කියනවා එල්. සී. එකක් අරින්න ඕන කියලා. බැංකුවේ නිලධාරියා කියනවා ඩොලර් එකක් අරන් එන්න එල් සී අරින්න කියලා. පිටරට යනව නම්, ක්‍රෙඩිට් කාඞ් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනව නම් ප‍්‍රවේශම් වෙන්න. එය ඇතැම් දුරට අවලංගු කරලා තියෙන්නත් පුළුවන්.

අපට පේනවා රජයට ප‍්‍රතිපත්තියක්, කළමනාකරණයක් නැති බව. එය ඉතා දුර්වලයි. ආණ්ඩුවක් තියෙනවද කියලාත් ප‍්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා ගැසට් එක මාර්ගයෙන් බඩු මිල වැඩි කරනවා අඩුකරනවා, පාලන මිල දානවා. එවැනි ක‍්‍රියාවලියක් තිබෙන්නේ. එක දවසක කියන දෙය නෙමෙයි අනිත් දවසෙ කියන්නේ.

අද බඩු මිල දිහා බැලූවොත් අපිට පේනවා දෙල් ගෙඩියක මිල රු 240 යි. සාමාන්‍යයෙන් දෙල් ගෙඩියක් විකුණගන්න බැරුවයි හිටියේ. සාමාන්‍ය මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. වාහනය එලවගෙන එනකොට ට‍්‍රැෆික් ලයිට් තියෙන හන්දිවල එක එක අය විවිධ දේ විකුණනවා. කපුරු බෝල, හදුන්කූරු කියයි ඇත්තටම හුඟක් මිනිස්සු ඒ හිඟා කනවා. අපි නීතිය කඩන්න කැමති නැහැ. මහ පාරේ එහෙම විකුණන්න බැහැ. හැබැයි එහි දෙපැත්තක් තියෙනවා. එහිදී අනුකම්පාවක් ඇති වෙනවා මිනිස්සුන්ට කොච්චර අමාරුද ජීවත් වෙන්න කියලා. මේ අය බඩු මිල පහළට ගේන්න අයවැයට කලින් පොඩි සෙල්ලමක් කරල තියනවා. හාල් සහනයට බද්දක් තිබුණා රුපියල් 65 ක. එය ශත 25 ට අඩු කරලා. එසේ කළානම් රුපියල් 50 කින්වත් හාල් මිල අඩු වෙන්න ඕන. අපි බලමු එහෙම වෙයිද කියලා.

මට මතකයි සීනිවලට වුණු වැඬේ. එහි කිලෝවක් සඳහා තිබුණු රුපියල් 50 ක බද්ද ශත 25 ට අඩු කළා. නමුත් සීනි මිල පහළට ආවද? ආවේ නැහැ. මෙතන කළේ හොර බොරු වංචාවක්. ඒගොල්ලන්ගේ ව්‍යාපාරිකයන්ට විශාල ලාභ ලැබුණා. ඉන්දියාවෙන් පොන්නි සම්බා හාල් කන්ටේනරයක් ඇවිත් තියෙන බවට ප‍්‍රචාරයක් යනවා. අපි දන්නෙ නැහැ එහි ඇත්ත මොකක්ද කියලා. නමුත් ඉබේටම සැකයක් ඇති වෙනවා සීනි වලට කරපු වැඬේම හාල් වලට කළාද කියලා. එසේ කරන්න එපා. සීනි වලින් බද්ද අඩු කරලා රුපියල් බිලියන 16 ක් අහිමි වුණා.

පසුගියදා අපි උතුරු පළාතේ සංචාරයක නිරත වුණා. එහිදී වවුනියාව, කිලිනොච්චි, මුලතිව්, යාපනය, චාවකච්චේරි, මන්නාරම යන ප‍්‍රදේශවල සංචාරයේ නිරත වුණා. උතුරට ගියාම පේනවා දකුණේ තියෙන ආර්ථික අර්බුදයම එම ප‍්‍රදේශවලත් තිබෙන බව. බඩු මිල වැඩිවීම නිසා මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. උතුරේ හුඟක් අය ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. එහේ අයටත් පොහොර ප‍්‍රශ්නය උග‍්‍ර වෙලා. අස්වැන්න අඩුවෙලා. ගොවියාගේ ආදායම අඩුවෙලා. දකුණෙ වගේමයි. උතුරේ මිනිස්සු දකුණෙ මිනිස්සු වගේ හැම තිස්සෙම පාරට බහින්නේ නැහැ. උතුරේ තියෙන මූලික ප‍්‍රශ්නයත් ආර්ථික ප‍්‍රශ්නය. කෘෂිකාර්මික කටයුතු ධීවර කටයුතු කරන අය තමයි ගොඩක් ඉන්නේ. එම නිසා ලොකු ගැටලූ ප‍්‍රශ්න තියෙනවා ඒ වගේම සංචාරක ව්‍යාපාරයත් සිදු කෙරෙනවා නමුත් ඒ අය සංචාරකයෙකු ගොඩ දවසකින් දැකලත් නැහැ ආදායම සම්පූර්ණ අඩුවෙලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment