මහා රාත‍්‍රී වනතුරුත් දේහ ආදාහනය කරනවා – බේරුවල ප‍්‍රා. සභාපති

479

බේරුවල ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිසි විනයකින් යුතුව කටයුතු නොකළහොත් මේ වනවිට කොවිඞ් නිසා ප‍්‍රදේශයේ උද්ගතවී තිබෙන සෝචනීය තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව බේරුවල ප‍්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න පැවසුවේය.

දිනකට බේරුවල ප‍්‍රදේශයෙන් කොවිඞ් මරණ පහකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වන බවත් පවතින මෙකී ව්‍යසනකාරී වාතාවරණයෙන් මිදීමට බේරුවල ජනතාව නිරන්තරව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවද ඔහු පෙන්වා දුනි. පොතුවිල ආදාහනාගාරයේ කොවිඞ් ආසාදිත මෘතදේහ ආදාහනය සඳහා එක්ව සිටි සභාපතිවරයා ‘දිවයින’ට වැඩිදුරටත් පවසා සිටියේ කෙතරම් කාර්යබහුල වුවද කළුතර දිස්ත‍්‍රික්කයේ ආදාහනාගාර සේවකයන් අවදානමද නොතකා තම සේවය වෙනුවෙන් පැය විසිහතර පුරා කැපවී සිටීම ප‍්‍රශංසනීය බවයි. කළුතර දිස්ත‍්‍රික්කයේ ආදාහනාගාරවල පවතින අවදානම් සහගත තත්ත්වය නිසා බොහෝ සේවකයන්ට ඔවුන්ගේ භාර්යාවන් හා ¥දරුවන් එම රැුකියාවෙන් ඉවත්වන ලෙසට නිරතුරු ඇවිටිලි කරමින් සිටින බව පැවසූ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආදාහනාගාර සේවක හිඟයක් ඇතිවුවහොත් ඉදිරියේදී ආදාහන කටයුතු සිදුකිරීම තව තවත් අසීරුවන බවයි.

බේරුවල ප‍්‍රාදේශීය සභාව මගින් පාලනය වන අළුත්ගම හා පොතුවිල යන ආදාහනාගාර කොවිඞ් මෘතදේහ ආදාහනය නිසා අතිශය කාර්යබහුල වී ඇති බවත් සෑම දිනකම අලූයම 02:00 වනතුරුත් මෘතදේහ ආදාහනය කිරීමට සිදුවී ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දුනි. මෙවැනි තත්ත්වයක් හමුවේ ආදාහනාගාරවල සේවකයන්ට තනිව ආදාහන කටයුතු සිදුකිරීමට නොහැකි නිසා තමන් ඇතුළු මන්ත‍්‍රීවරු කීපදෙනෙක් පුරා සතියක කාලයක සිට මෘතදේහ ආදාහන කටයුතුවලට නොකඩවා සහය දක්වන බවද හෙතෙම පැවසුවේය. විශේෂයෙන්ම පොතුවිල ආදාහනාගාරය වෙත එක් දිනකදී කොවිඞ් ආසාදිත මෘතදේහ හයත් දහයත් අතර ප‍්‍රමාණයක් රැුගෙන එන අතර එයින් බහුතරය කළුතර, නාගොඩ රෝහලේදී මියයන කොවිඞ් රෝගීන්ගේ මෘතදේහ බවද ඔහු පවසා සිටියේය. මීට අමතරව සභාවේ පක්ෂ විපක්ෂ සියලූ මන්ත‍්‍රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් කොවිඞ් මෘතදේහ ආදාහනය සඳහා පෙට්ටි නිෂ්පාදනය කර නොමිලයේ ලබාදීමේ කටයුතු බේරුවල ප‍්‍රදේශයේ තවදුරටත් ක‍්‍රියාත්මක කරන බව කී සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ වනවිට පෙට්ටි සියයකට වැඩි ප‍්‍රමාණයක් ලබාදීමට කටයුතු කර තිබෙන බවයි. කොවිඞ් මරණ ප‍්‍රමාණය ඉහළ යෑම නිසා වැඩිපුර පෙට්ටි නිෂ්පාදනය කළ යුතු බැවින් ප‍්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගෙන් ඊට අවශ්‍ය ගස් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද බේරුවල ප‍්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න වැඩිදුරටත් ප‍්‍රකාශකර සිටියේය.

බේරුවල – චමින්ද ප‍්‍රසාද්

advertistmentadvertistment
advertistmentadvertistment