විදේශිකයන්ගේ ගෙවීම් විදෙස් මුදල් වලින් පමණක් භාරගන්න… හෝටල්වලටත් අනිවාර්ය කරයි

453

විදේශිකයන් විසින් කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සැපයුම්කරුවන්ට අනිවාර්යය කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් එමගින් එම නීති ප‍්‍රකාශයට පත්කර ඇති බවත් මහ බැංකුව කියයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වන මහ බැංකුව මෙසේද පවසයි.

ශී‍්‍ර ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදුකරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කරන ලදී. මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41 දරන අති විශේෂ ගැසට් පත‍්‍රයේ ප‍්‍රකාශයට පත්කර ඇත.

මෙම රීති නිකුත් කිරීමත් සම`ග ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත‍්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විසින් ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් වන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාරගත යුතුය. එවැනි විදේශ මුදල් හෝටල් සේවා සැපයුම්කරුගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කිරීම හෝ බලපත‍්‍රලාභී බැංකුවකට විකිණීම ව්‍යාපාරික දින තුනක් ඇතුළත කළ යුතුය. ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් විසින් විiුත් මුදල් හුවමාරු කාඞ්පත් (ණයපත්, හරපත්, සංචාරක කාඞ්පත් යනාදී) හරහා සිදුකරන ගෙවීම් හෝටල් සේවා සැපයුම්කරුවාගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැරකළ යුතුය.

එසේ වුවත් ශ‍්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ මුදල් බලපත‍්‍රලාභී බැංකුවක් හෝ බලයලත් මුදල් හුවමාරුකරන්නෙකු හරහා ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද බවට අදාල මුල් ලේඛන ලබාදිය හැකි නම්, හෝටල් සේවා සැපයුම්කරුවන්ට ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් විසින් ශ‍්‍රී ලංකා රුපියල් වලින් කරන ගෙවීම් භාරගත හැක.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment