ක්‍රිකට් පන්දුවේ සැඟවී ඉන්දීය දරුවා වෙත ආ මාරයා

456

ක්‍රිකට් ක්‍රීඩාකරමින් සිටි 11 හැවිරිදි කුඩා දරුවකුගේ රහස් ප්‍රදේශයේ පන්දුව වැදීමෙන් එම දරුවා එම ස්ථානයේදීම මිය යෑමේ ශෝකජනක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ෂවුර්යා කහද්වේ නමැති ඉන්දීය ජාතික කුඩා දරුවෙකි. මෙම සිදුවීම ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ ප්‍රදේශයේදී සිදුව ඇත.

සිය මිතුරන් සමග ක්‍රීඩා කරමින් සිටි එම දරුවා යවන ලද පන්දුවකට පහරදෙමින් සිටි මිතුරා එල්ල කළ පහර ඔහුගේ රහස් ප්‍රදේශයට වැදී තිබේ. පන්දුව වැදීමෙන් එම ස්ථානයේ සිහිසුන්ව වැටී සිටි දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment