මීයකුගේ සිරුරේ කොටස් එක ගෙඩියක තිබිලා: පාන් පැකට් ලක්‍ෂ 104000ක් වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනේ

8375

මීයකුගේ සිරුරේ කොටස් තිබී හමුවීම හේතුවෙන් ජපානයේ ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් විසින් එම සමාගමට අයත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත කපපු පාන් පැකට් එක් ලක්ෂ හාරදහසක තොගයක් 08 දා වෙළෙඳසල්වලින් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බටහිර ටෝකියෝ නගරයේ පිහිටි ‘පැස්කෝ ශිකිෂිමා’ සමාගම විසින් මෙසේ මීයකුගේ සිරුරු කොටස් අන්තර්ගතව තිබූ පැස්කෝ වෙළෙඳ නාමය යටතේ වෙළෙඳපළට නිකුත් කර තිබූ කපන ලද සුදු පාන් පැකට් තොගය වෙළෙඳසල්වලින් ඉවත් කරගෙන තිබේ.

අදාළ සමාගම මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සිය සමාගම මගින් නිපදවූ කපපු පාන් පැකට් දෙකක මීයකුගේ කොටස් අන්තර්ගතව ඇති බව හෙළි වීම හේතුවෙන් එම ඛාණ්ඩයට අයත් පාන් පැකට් සියල්ල වෙළෙඳසල්වලින් ඉවත් කර සමාගම වෙත ගෙන්වා ගත් බවයි. කෙසේ වුවද මීයකුගේ කොටස් පාන් පැකට් තුළට ගියේ කෙසේදැයි අනාවරණය වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවත් එම ආහාර සමාගම පවසා තිබේ. සිය පාන් නිෂ්පාදනයන් අනුභව කළ කිසිවකු රෝගාතුර වූ බවට වාර්තා වී නොමැති බවද පැස්කෝ සමාගම සඳහන් කර තිබේ. ලොව දෙවැනි විශාලතම ආර්ථිකය තිබෙන ජපානය ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව ඉහළින්ම සලකන රටක් ලෙස පිළිගැනුණ ද මෑතක සිට තත්ත්වයෙන් බාල ආහාර හා ආහාර අතිරේකයන් වෙළෙඳසල්වලින් ඉවත් කිරීමේ අවස්ථාවන් කිහිපයක් එරටින් වාර්තා වී ඇති බව සී. එන්. එන්. ප්‍රවෘත්ති සේවය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment