සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කාන්තා  රග්බි ක්‍රීඩාවට අත ගසයි

101

ශ්‍රී ලංකාව තුළ කාන්තා රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ මූලාරම්භයක් ලෙස මෙරට ප්‍රධානතම රග්බි ක්‍රීඩා සමාජයක් ලෙසින් සැලකෙන කොළඹ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ඔවුනගේම කාන්තා රග්බි කණ්ඩායමක් පිහිටුවීමට ඉකුත්දා පියවර ගනු ලැබීය. ඩිල්රෝයි ප්‍රනාන්දු, සැමී අක්බාර් සහ අශාන් රන්සීලිගේ යන මහත්වරුන් සමග එක්ව මෙම කටයුත්තට මුල පුරා ඇති සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ ප්‍රධානම අරමුණ වනු ලබන්නේ ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන කාන්තා රග්බි තරගාවලිය සඳහා ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීම වේ.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපතිවරයා වන ශම්මි සිල්වා මහතා සභාපතිත්වය දරනු ලබන මෙරට පැරණිතම සහ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජය වන සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය විසින් පවත්වන ලද තෝරා ගැනීමේ පුහුණු සැසිය සඳහා දිවයිනේ නන් දෙසින් ක්‍රීඩිකාවන් 30 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ. මේ පිළිබඳව අදහස් දක්වා සිටින සී.එච්. ඇන්ඩ් එෆ්.සී. රග්බි සංගමයේ සභාපති මේජර් ටනේෂ් බී. ඩයස් මහතා සඳහන් කර සිටින්නේ මෙය නිවැරදි පහසුකම් සහ නිසි සහයෝගය යටතේ දේශීය රග්බි පිටියට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලබන කණ්ඩායම ඉදිරියේදී සිය ක්‍රීඩා සමාජයට කීර්තියක් ගෙනු ඇති බව තමා අපේක්ෂා කරන බවයි.

 දේශීය කාන්තා රග්බි පිටිය ගත් විට ‘ඒ’ ශ්‍රේණිය යටතේ මේ වන විටත් කණ්ඩායම් 4 ක් පමණ තරග වදින අතර ඒ වෙනුවෙන් තරග වදිනු ලබන සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට මේ වන විටත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ක්විකී, ක්ලැසික් ට්‍රැවල්ස්, චයිනීස් ඩ්‍රැගන් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ප්‍රධාන පෙළේ සමාගම් අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment