ගලෙන්බිඳුණුවැව දෙදෙනෙකුත් ප්‍රියමාලිට ඇඳලා කෝටි ගණනක් වංචා කර ගමෙනුත් පළා ගිහින්

598

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ මුල්‍ය ආයතන පවත්වාගෙන යන මුවාවෙන් පුද්ගලයින් විශාල පිරිසකගෙන් වැඩි පොලියක් ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචනිකව ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව වාර්තා වේ.

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ මුල්‍ය ආයතන පවත්වාගෙන යන මුවාවෙන් පුද්ගලයින්ට මාසිකව 5% ක පොලියක් ලබාදෙන බව පවසමින් මෙසේ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව එම මුල්‍ය ආයතනවලට මුදල් ලබාදුන් පුද්ගලයින් පවසයි. එසේ මුදල් ලබාදුන් පුද්ගලයින් ගලෙන්බිඳුණුවැව සහ කොකාවැව පොලිස් ස්ථාන දැනුවත්කර ඇති බවද වාර්තා වේ.

ගලෙන්බිඳුණුවැව – ජයන්ත වාසුල

advertistmentadvertistment
advertistmentadvertistment