මෙරට ප‍්‍රථම ගුවන් හමුදාපති පැඩි මෙන්ඩිස් අභාප‍්‍රාප්ත වෙයි

305

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප‍්‍රසාද මෙන්ඩිස් (පැඞී මෙන්ඩිස්) මහතා ඊයේ (18 දා) අභාවප‍්‍රාප්ත විය.

මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා 1951 වසරේ රාජකීය ගතුවන් හමුදාට පස්වන ආධුනික නිලධාරිවරයකු ලෙස රාජකීය ලංකා ගුවන් හමුදා සේවයට එක්ව ඇත.

බි‍්‍රතාන්‍යයේ දී පියාසර උපදේශකයකු ලෙස පුහුණුව ලැබු පළමු ශ‍්‍රී ලාංකිකයා ද ඔහුවේ. ඉතා දක්ෂ නිලධාරියකු වූ එයාර් චිෆ් මාර්ෂල් පීි.එච් මේන්ඩිස් මහතා 1971 වසරේ ජනවාරි මස 01 වැනිදා රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත් වූ අතර ඒ මහතා රාජකීය ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් එම හමුදාවේ ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වූ පළමු ශ‍්‍රී ලාංකිකයාද විය. වර්ෂ 1972 දී ශ‍්‍රී ලංකාව ජනරජයක් වීමත් සමග රාජකීය ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්විය. ඒ සමගම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති ලෙස එයාර් චීෆ් මාර්ෂල් මෙන්ඩිස් මහතා ඉතිහාස ගතවිය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්‍ෂ කීර්තිමත් ගුවන් හමුදාපතිවරයකු වූ එයාර් චීෆ් මාර්ෂල් පී. එච්. මෙන්ඩිස් මහතා ඊයේ (18 දා) අභාවප‍්‍රාප්ත වූ අතර අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය මේ වනවිට ගල්කිස්ස ප‍්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19 දා) පස්වරු 2.00ට ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේදී පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment