වීසා VFS මැතිසබය අවුලයි

295

වීසා ගාස්තුවට අමතරව අය කරන VFS ගාස්තුවකට අනුමැතිය දී නැහැ – කිරිඇල්ල

ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් කැබිනට් අනුමැතියක් ගත්තා – ඇමැති ටිරාන්

‘වීසා’ ගාස්තු වැඩි කිරීම පාර්ලිමේන්තුවෙන් අනුමත කළා කියලා ටිරාන් අලස් ඇමැතිවරයා කීවත් එවැන්නක් තුළ VFS ගාස්තුවකට අනුමැතියක් දී නෑ.

VFS සමාගම් ගාස්තුව ගැන වෙනම තීරණයක් ගෙන අනුමත කරගත යුතුයි. කෙනෙක් ලංකාවට එනවිට ඩොලර් 20/20ක් VFS ගාස්තුව ලෙස අය කරන්න වෙනවා. මේක පාර්ලිමේන්තුව නොමඟ යැවීමක්. වීසා ගාස්තුව වැඩි කරන මුවාවෙන් VFS ගාස්තුවකුත් ඊට රිංගවා ඇති බව ඊයේ (7දා) පාර්ලිමේන්තුවේදී ලක්‍ෂමන් කිරිඇල්ල (සජබ) මහතා කීය.

මේ සම්බන්ධව ඇමැතිවරයා පෙර කී කතා හැන්සාඩ් වාර්තා ගෙන්වා ගනිමින් තහවුරු කරන ලෙස ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.

එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා ද පිළිතුරු දුන්නේය.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව කළ යුතු දේ ගැන නිගමනයන් ගත්තේ කැබිනට් අනුමැතියකින්. එවැන්නකට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය නැහැ. හැන්සාඩ් වාර්තා ගෙන්වා ඒ ගැන පරීක්‍ෂණයක් කරන්න ඇමැතිවරයා ඉල්ලා සිටියේය. කිරිඇල්ල මහතා ජනතාව නොමග යැවීමට උත්සහ කරන බවද ඇමැතිවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment