රෝග රැසක් පාලනයට ජලය පානය

582

අප බොහෝ දෙනාට ජලය පානය වැඩිපුරම මතක් වන්නේ පිපාසය දැනෙන විටදීය. නමුත් ජලය පානයෙන් තොරව කිසිවකුටත් ජීවත් විය නොහැකිය.

ඒ නිසා ජලය යනු මිනිස් සිරුරට අත්‍යවශ්‍ය දෙයකි. මහා සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා ඇත්තේ ජලය නිසි ලෙස දිනකට පානය කරන පුද්ගලයාට ලෙඩ රෝග වැළඳීම අවම බවය.

වයසට යන විට අප බොහෝ දෙනා පෙළෙන බහුල රෝගාබාධ දෙකක් වන්නේ දියැඩියාව සහ අධි රුධිර පීඩනයයි. මෙම රෝග දෙක පාලනය කර ගැනීම සඳහා දිනකට නිසි ලෙස ජලය ලීටර් තුනක්වත් පානය කළ යුතුය.

● උදෑසන අවදිව ජලය පානය

උදෑසන අවදිවූ විගස හිස් බඩට පිරිසිදු ජලය වීදුරුවක් පානයට අපේ බොහෝ වැඩිහිටියෝ පුරුදුව සිටිති. එහි ප්‍රතිඵල ලෙස ඔවුන් අත්විඳින්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, මුත්‍රා රෝග ආදියට ගොදුරු නොවී ජීවත් වෙමිනි.

එසේම තරබාරු වීමද පාලනය සඳහා නිසි ලෙස ජලය පානය උපකාරීවේ.

සිරුරේ ඇතිවන අලස බව දුරුවී ක්‍රියාශීලී බවට පත්වේ.

සම පැහැපත් බවක් ඇතිවේ. වියළි සමක්, දුර් වර්ණවූ සමක් ඇතිවීම වළක්වාගත හැකිය. එවිට සම පැහැපත් කර ගැනීම සඳහා අනවශ්‍ය ලෙස විවිධ ආලේපන වර්ග භාවිතය අවශ්‍ය නොවේ.

● රාත්‍රියට ජලය පානය

අප බොහෝ දෙනා ඉතා අකමැතිම කරුණක් වන්නේ රාත්‍රියට ජලය පානය කිරීමටය. ඒ සඳහා හේතු ලෙස පවසන්නේ රෑ මැදියමේ අවදිව මුත්‍රා කිරීමට සිදුවීම බවය. නමුත් රාත්‍රියට ජලය පානය නොකිරීම නිසා ඉතා පහසුවෙන් අපට හෘදයාබාධ ඇතිවිය හැකිය. රුධිර ගමනාගමනය හොඳින් සිදුවීම පවත්වා ගැනීමට නම් රාත්‍රියටද ජලය නිසි ලෙස පානය කළ යුතුය. රාත්‍රියට මුත්‍රා පිටවීම යනු රුධිර පීඩනය පාලනයට හේතුවකි. මෙය අප බොහෝ දෙනා නොදනිති.

එනිසා රාත්‍රි නින්දට පෙර හොඳින් පිරිසිදු ජලය වීදුරුවක් පානය කර නිදාගත යුතුය. එසේම රාත්‍රියේ මුත්‍රා කිරීමෙන් පසුද යළි ජලය වීදුරුවක් පානය කළ යුතුය.

මෙලෙස ජලය පානය නිසා සුවබර නින්දක්ද ලබාගත හැකිය. ඇතැම් දෙනා සිතන්නේ රාත්‍රියට මුත්‍රා කිරීමට සිදුවීම නිසා නින්දට බාධාවූ බවය. නමුත් මුත්‍රා කිරීමට අවශ්‍ය වන්නේ සුවබර නින්දකට පසුය. එසේ නොමැතිවූ විට නිසි ලෙස නින්ද යෑමක් සිදුනොවේ. වර්තමානයේ බොහෝ දෙනා වකුගඩු රෝගවලට ගොදුරු වී සිටිති. ඒ සඳහා බොහෝ දෙනකුට හේතුවී ඇත්තේ දිවැඩියාව සහ අධික රුධිර පීඩනයයි.

නිසි ලෙස ජලය පානය කිරීම මගින් මෙම රෝග දෙකම වළක්වාගත හැකි අතර වකුගඩු ක්‍රියාකාරීත්වයද හොඳින් පවත්වාගත හැකිය. මෙහිදී පැවසිය යුතු වන්නේ නිසි ලෙස ජලය පානය මෙන්ම අහිතකර ආහාර පාන ආදියද නොගත යුතු බවය. අධික මේදය සහිත, සීනි සහිත ආහාර පාන නොගත යුතුය. විශේෂයෙන්ම වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් මේ ගැන සැලකිලිමත් විය යුතුය. එසේම නිසි ලෙස ජලය පානය කරන පුද්ගලයන්ට මෙවැනි ආහාර පාන ගැනීමේ වැඩි අවශ්‍යතාවයද ඇති නොවේ.

රෝග රැසක් පාලනයට ජලය පානය

සෘෂි නාඩි වෛද්‍ය මහාචාර්ය දියවැඩියාව, පිළිකා, සෙම් රෝග විශේෂ වෛද්‍ය
ජිනසිරි ලයන්වෙල

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment