දුටුගැමුණු මහ නිරිඳුන්ට ආශිර්වාද දුන් අසිරිමත් බුද්ධ මන්ත්‍රය

215

අප කවරෙකුගේ නමුදු ජීවිතය අභිමුවට දුක් කම්කටොළු, බාධක, විපත් පැමිණි කල්හී අනාදිමත් කලක පටන් සිංහල බෞද්ධ ජනතාව අප අමාමෑණී සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්‍ෂාව ආශිර්වාදය පතා බෝධි පූජා පිංකම්, දාන මානාදිය පිළිගැන්වීම, පිරිත් කීම වැනි වූ ආගමික වතාවත් සිද්ධ කරගෙන එනු ලබයි. පංචශීල ප්‍රතිපත්ති ගරුකව යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්තව බුදුන්වහන්සේ සරණ යන තැනැත්තන්ට සියලු සත්ත්වයන්ට උන්වහන්සේ දෙසා වදාළ ශ්‍රී ධර්මස්කන්ධයේ ආශිර්වාදය නිතැතින් ම ලැබේ. මනුෂ්‍යයන් පමණක් නොව අමනුෂ්‍යයන් ද, මහේශාක්‍ය දෙවි දේවතාවුන් ද, නාලාගිරි, මුචලින්ද වැනි සත්ත්වයින් ද උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය හමුවේ දමනය වී සරණ ගිහ. අද උන්වහන්සේ ජීවමානව අප අතර නැතත් උන්වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය තාමත් අප අතර නොනැසී පවතී. උන්වහන්සේගේ උතුම් ධර්මස්කන්ධයේ සරණ, පිහිට, ආරක්‍ෂාව උදෙසා අපේ මුතුන් මිත්තන් භාවිත කළ උතුම් බුද්ධ ගාථාත්‍රයක් මෙයින් පාඨක ඔබට ඉදිරිපත් කරමි.

මෙකී ගාථාත්‍රය දුටුගැමුණු මහ රජු ද, තම ආරක්‍ෂාව පිණිස නිරන්තරයෙන් උදේ හවස භාවිත කළ බැව් පැරණි ලේඛනවලින් සනාථ වේ. අවිහිංසාව, අවංකබව, පිරිසිදු චරිතය, සත්‍යවාදී බව, යහපත් සංකල්පනාවන්ගෙන් යුතුව උදේ සවස බුදුන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම් පුදා පංචශීලගරුකව තෙරුවන් නැමද වාර 3 බැගින් මෙම ගාථාත්‍රය සජ්ඣායනය කිරීම මගින් ඔබට මෙලොවත්, පරලොවත් වශයෙන් උසස් ජීවිතයක් ළඟාකර ගත හැකිය.

  1. බුද්ධෝ තිලෝක සරණෝ
    බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
    ඒවංතං සරණං ඛේමං
    බුද්ධෝ මේ සරණං වරං
    ගච්චාමි සරණං බුද්ධං
    නත්ථි මහ්යං භයං සදා

2 ධම්මෝ තිලෝක සරණෝ
ධම්මෝ සුරියෝ තමෝනුදෝ
ඒවංතං සරණං ඛේමං
ධම්මෝ මේ සරණං වරං
ගච්චාමි සරණං ධම්මං
නත්ථි මහ්යං භයං සදා

සංඝෝ තිලෝක සරණෝ
සංඝෝ සුරියෝ තමෝනුදෝ
ඒවංතං සරණං ඛේමං
සංඝෝ මේ සරණං වරං
ගච්චාමි සරණං සංඝං
නත්ථි මහ්යං භයං සදා

තෙරුවන් සරණයි!

ජ්‍යොතිෂ ගුප්ත විද්‍යාධර
කොත්මලේ නාරද
0779508443

advertistmentadvertistment
advertistmentadvertistment