රිජ්වේ ළමා රෝහලේ  ඖෂධ හා  ශල්‍ය ද්‍රව්‍ය හිඟයක් – පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ඉල්ලයි

136

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ඖෂධ වර්ග රැසක සහ ශල්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇතැයි රෝහලේ අධ්‍යක්‍ෂ වෛi ජගත් විජේසූරිය මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවසීය.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පනහක පමණ හිඟයක් ද පුළුන්, ගෝස්, නූල් ඇතුළු ශල්‍ය ද්‍රව්‍යයන් රැසක් ද රෝහලේ හිඟ බව පවසන අධ්‍යක්‍ෂවරයා ඖෂධ හිඟයක් තිබුණත් රෝගීන් භාර ගැනීම හෝ සැත්කම් ප්‍රමාද කිරීම මෙතෙක් සිදුකර නැතැයි ද පවසයි. ළමා රෝහලේ දරුවන් වෙනුවෙන් ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර උපකාර ලබා ගැනීමට ක්‍රියා කරමින් සිටින බව ද හෙතෙම කියා සිටී.

රෝහලට අවශ්‍ය ඖෂධ වර්ග පිළිබඳව රෝහල් වෙබ් අඩවිය වන අඅඅග ඛඍ්‍යග ක්‍දප හි සඳහන්ව ඇති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ඒ මහතා පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment