SLT-MOBITEL මාතලේ ප්‍රදේශයේ තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කරයි

32

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා මාතලේ ප්‍රදේශයේ පාසල් දෙකක් කේන්ද්‍ර කරගනිමින් තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කළේය.

මේ යටතේ මාතලේ කයිකාවෙල මධ්‍ය මහ විද්‍යාලයේදී අර්ථවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසහටන් හතරක් ක්‍රියාත්මකකරන ලදී. එනම් STEMUP Foundation සමග අත්වැල් බැඳගනිමින් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය ඔස්සේ ශිෂ්‍ය ව්‍යවසායකත්වය දිරිගැන්වීම,‘Hour of Code’ වැඩමුළුව පැවැත්වීම, සිතක් ඇත්නම් පොතක් දෙන්න වැඩසටහන යටතේ පුස්තකාලවලට පොත් ප්‍රදානය කිරීම සහ රුක් රෝපණ වැඩසටහනක් ඔස්සේ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමයි.

එමෙන්ම රත්තොට අලකොලමඩ කනිෂ්ට විද්‍යාලය සතුව තිබූ, අක්‍රීයව පැවති පරිගණක තුනක් අලු‍ත්වැඩියා කිරීමටද එම පාසලේ සිසුන් පිරිසකට අවශ්‍ය පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කල අතර, පාසල් පුස්තකාලයට වටිනා පොත්පත් කට්ටලයක්ද පරිත්‍යාගකරන ලදි. මීට අමතරව පාසල් භූමියේ රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment