තෙලට කෝටි 12ක සීසීටීවී

128

රුපියල් දොළොස් කෝටි හැත්තෑලක්ෂයක මුදලක් වැයකර කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් සංකීර්ණයේ සීසීටීවී කැමරා සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මෙම තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි දැනටමත් ආරක්‍ෂිත කැමරා පද්ධති සවිකර තිබියදී නව පද්ධතියක් සවිකිරීම සඳහා මේසා විශාල මුදලක් වැය කිරීමට නියමිතව ඇතැයි එහි උසස් නිලධාරීහු පවසති.

අක්කර අනූවක් විශාල මෙම භූමියේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක නිලධාරීන් මෙන්ම හමුදා අනු ඛණ්ඩයක්ද යොදවා ඇත. රුපියල් ලක්‍ෂ පනහක් පමණ වැයකර මිලදීගත් ඩ්‍රෝන කැමරාවක් ද අදාළ ආයතනය සතුව ඇති අතර එය දැනට භාවිත නොකර ආරක්‍ෂක අංශ භාරයේ මුල්ලක තබා ඇතැයිද ඔව්හු පවසති. මෙම සීසීටීවී කැමරා සවි කිරීමට වැය කරන්නට යන මුදල සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස එම නිලධාරීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment